හොර සල්ලි අච්චු ගැසූ අඹුසැමි යුවල කොටු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

හොර සල්ලි අච්චු ගැසූ අඹුසැමි යුවල කොටු වෙයි

හොර සල්ලි අච්චු ගැසූ අඹුසැමි යුවල කොටු වෙයි

ව්‍යාජ 5000 මුදල් නෝට්ටු 12ක් සමඟ අඹු සැමි යුවළක් එම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට කිරීමට යොදාගත් ප්‍රින්ටරය ද සමග අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලීසිය කියයි.

 

 

වෙළඳසැලකට ගොස් රුපියල් 5000 මුදල් නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිලදී ගෙන ඇති අතර ඒ පිළිබඳ සැක සිතූ වෙළඳසැල් හිමිකරු පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත.

 

 

එම යුවල අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය ඔවුන්ගේ නිවස පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී තවත් ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු එකොළහක් මුද්‍රණය කිරීමට යොදා ගත් ප්‍රින්ටරය සොයාගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරීහු පැවසීය.

 

 

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ වයස අවුරුදු 47 වියෙහි පසුවන දෙදෙනෙකි.

views

274 Views

Comments

arrow-up