ඩෙංගු මර්දනයට සහය මදි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

ඩෙංගු මර්දනයට සහය මදි

ඩෙංගු මර්දනයට සහය මදි

කොළඹ ඩෙංගු මර්දනයේදී ඇතැම් නගර නගරවාසීන්ගෙන් ලැබෙන සහයෝගය මදි බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පවසන අතර විශේෂයෙන් කොළඹ කුරුඳුවත්ත වැනි ප්‍රදේශවලදී ඒ තත්ත්වය තදින්ම දක්නට ලැබෙන බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

ඇතැම් අවස්ථා වලදී නිලධාරීන්ට ගේට්ටුව ළඟ රස්තියාදු වීමට සිදුවන අතර එවැනි අවස්ථාවලදී ගේට්ටු වල කහ නිවේදනය ප්‍රදර්ශනය කරන බවත් එසේ කහ නිවේදනය ප්‍රදර්ශනය කෙරෙන අවස්ථාවේදී නිවැසියන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇමතිය යුතු බවත් වෛද්‍යවරයා පැවසීය.

 

 

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තිබුණහොත් රතු නිවේදන නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් කීවේය

views

305 Views

Comments

arrow-up