MAY
20
කල් ඉකුත් වු සැමන් විකුණු 6ක් අත්අඩංගුවට

කල් ඉකුත් වු සැමන් දිනය වෙනස් කර විකිණීමේහි යෙදී සිටි චීන ජාතිකයකු ඇතුළු හය දෙනෙකු පෑලියගොඩ පොලිසිය විසින් ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබු සැමන් ටින්වල වටිනාකම රුපියල් ලක්ෂ 80 ඉක්මවන බව පොලිසිය සඳහන් කරයි.
අදාළ සැකකරුවන් මෙම සැමන් අලෙවි කිරීම සඳහා වෙනත් සමාගමක නාමය ද භාවිතා කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මේ පිළිබඳව පෑලියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
282 Views
Comments