MAY
20
හිඟුරක්ගොඩ මනුෂ්‍යය ඝාතනයක්

පොළොන්නරුව හිඟුරක්ගොඩ පිහිටි වෙළෙඳසැලක් අසල මියගොස් සිටි නාඳුනන පුද්ගලයෙකුගේ සිරුරක් අද (20) උදෑසන හිඟුරක්ගොඩ පොලීසිය විසින් සොයගෙන තිබේ.
සිරුර අසල විශාල ලේ පැල්ලමක් තිබීම හේතුවෙන් මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවට සැකකරන බව පොලීසිය පවසයි.
මියගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඝාතනයට හේතුවද මෙතෙක් අනාවරණ වී නැති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
236 Views
Comments