ඌරු ගොවිපළවල් ආශ්‍රිතව වසංගත රෝග ව්‍යාප්තියක්

ඌරු ගොවිපලවල් ආශ්‍රිතව වසංගත රෝගයක් ව්‍යාප්ත වන බව සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය පවසයි.
PRRS ලෙස හඳුන්වන මෙම වසංගත තත්ත්වය 2020 වසරේදී මෙරටින් හඳුනා ගත් අතර එම අවස්ථාවේදී ඊට අවශ්‍ය එන්නත් ඌරන්ට ලබාදීම හේතුවෙන් වසංගත තත්ත්වය පාලනය කර තිබුණි.
එලෙස පාලනය වීමෙන් පසු ඌරු ගොවිපොල හිමියන් එන්නත් ලබාදීම නවතා දැමීම හේතුවෙන් යළිත් වසංගත තත්ත්වය උග්‍රවී ඇති බව සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය වැඩිදුරටත් පවසයි.
බස්නාහිර පළාත ආශ්‍රිතව මෙය උග්‍ර අතට හැරී ඇති අතර ගලේවෙල, වහකෝට්ටේ, මාතලේ, යාපනය හා කිලිනොච්චිය යන ප්‍රදේශවල ඌරු ගොවිපලවල් ආශ්‍රිතවද මෙම තත්ත්වය ව්‍යාප්ත වී තිබේ.
337 Views
Comments