නතාෂා එදිරිසූරියට එරෙහිව පැමිණිලි කිහිපයක්

නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට එරෙහිව කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. ඇය බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත් වූ බව පවසමින් මෙම පැමිණිල්ල ගොනු වී තිබේ.
අල්ලසයට දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.
නතාෂා එදිරිසූරිය බුදුදහමට දිගින් දිගටම නිගා කරමින් ප්‍රකාශ සිදු කරන අතර මැය අරගලයෙන් බිහිවූ කාන්තාවක බවයි වාර්තා වේ.
පූජ්‍ය බලංගොඩ කාශ්‍යප ස්වාමීන්වහන්සේ තවත් පැමිණිල්ල පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කර තිබුණි. බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් එම පැමිණිල්ලද ඉදිරිපත් කර තිබුණි.
නතාෂා එදිරිසූරිය හැකි ඉක්මණින් අත්අඩංගුවට ගත යුතු බවයි පැමිණිලි පාර්ශ්වය සදහන් කරයි.
327 Views
Comments