විදෙස් ආයෝජකයින් රකින්න අලුත් වැඩක්

විදෙස් ආයෝජකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගන්නා එක් පියවරක් වශයෙන් විදෙස් ආයෝජන කර්මාන්ත ශාලා ආයෝජන කලාප තුල පමණක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
කටාන හල්පේ කෝපියාවත්ත ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක හිමිකරුවකු වන ඕමාන් ජාතිකයකුට පහරදීම වැනි සිද්ධි නැවත ඇති නොවීම සදහා රජය මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව රටේ ස්ථාන කිහිපයක අලුතින් ආයෝජන සැකසුම් කලාප කිහිපයක් පිහිටුවීමට නියමිත අතර මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙවැනි ආයෝජන කලාප කිහිපයක් පිහිටුවීම සඳහා දැනටමත් ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කර ඇති බව රජය පවසයි.
241 Views
Comments