ශ්‍රී ලංකන් විකිණිම පමාවේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සංවර්ධනය සඳහා ආයෝජකයකුට ලබාදීම තවදුරටත් පමාවන බව වාර්තා වේ.
ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ලසාඩ් ජාත්‍යන්තර උපදේශක ආයතනයේ උපදේශන වාර්තාව තවමත් ලැබී නැති වීම එයට හේතුවී ඇති බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
ලසාඩ් උපදේශන වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සහ භූමි මෙහෙයුම් එක් ආයෝජකයකුට එකට දෙනවාද වෙන වෙනම ලබා දෙනවාද යන්න සම්බන්ධයෙන්ද මෙතෙක් පැහැදිලි තීරණයකට පැමිණ නැති බවත් ඒ පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
228 Views
Comments