බෝලවත්ත දුම්රිය ස්ථානයට මැර ප්‍රහාරයක්

ඊයේ (13) රාත්‍රී 7ට පමණ බීමත්ව සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් වෙන්නප්පුව, බෝලවත්ත දුම්රිය ස්ථානයට මැර ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.
පුද්ගලයින් කිහිපදෙනෙකු මත්පැන් පානය කරමින් බෝලවත්ත දුම්රිය ස්ථානයේ වේදිකාව මත සිට ඇති අතර ඔවුන්ට එම පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස දැනුම් දුන් අවස්ථාවේ දී එම පිරිස දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයට සහ දුම්රිය ස්ථානයට පහරදී තිබුණි.
බෝලවත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු පහරකෑමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර මෙම සිද්ධියෙන් පසු බෝලවත්ත දුම්රිය ස්ථානය ඊයේ රාත්‍රී දිනට පමණක් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
දුම්රිය ස්ථානයට පහර දුන් සැකකරුවන් 34 සහ 45 වන වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වාර්තා වෙයි.
246 Views
Comments