ඇඟිලි සලකුණු සඳුදා සිට අනිවාර්යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

ඇඟිලි සලකුණු සඳුදා සිට අනිවාර්යයි

ඇඟිලි සලකුණු සඳුදා සිට අනිවාර්යයි

සියලු ම රාජ්‍ය සේවකයන් සඳුදා (15) සිට රාජ්‍ය ආයතනවල සේවයට පැමිණීමේදී හා පිටවීමේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත්කර තිබේ. 

 

අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාත් ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත එම චක්‍රලේඛය යොමු කර ඇති බව ලේකම් රංජිත් අශෝක මහතා පවසයි.

views

402 Views

Comments

arrow-up