කොළඹට ආ හමුදාව විසුරුවා හැරීමේ තීරණය අද
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

කොළඹට ආ හමුදාව විසුරුවා හැරීමේ තීරණය අද

කොළඹට ආ හමුදාව විසුරුවා හැරීමේ තීරණය අද

පෙරේදා සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකට පොලීසියට අමතරව යුධ හමුදා සාමාජිකයින්ද කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබුණි.

හදිසි අවස්ථාවකදි ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ පෙර පුහුණුවීමක් සඳහා මෙලෙස කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවන බවට ලද තොරතුරක් අනුව කොළඹ නගරයේ ස්ථාන කිහිපයකට ආරක්ෂාව තර කර ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණි.

මේ වන විට කොළඹට කැඳවා තිබෙන ආරක්ෂක හමුදා අද දිනයේදී විසුරුවා හැරීම සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

views

299 Views

Comments

arrow-up