එකතැන දෙවරක් හැප්පුණු අරුම පුදුම බස් රථය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

එකතැන දෙවරක් හැප්පුණු අරුම පුදුම බස් රථය

එකතැන දෙවරක් හැප්පුණු අරුම පුදුම බස් රථය

කොළඹ - හලාවත මාර්ගයේ වෙන්නප්පුව, නයිනමඩම ගිංඔය පාලම අසල දී අද (20) අලුයම 3.45 ට පමණ ලංගම බස් රථයක් පුල්මුඩේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබිය දී දෙවරක් අනතුරකට ලක්ව තිබේ.

 

මෙම රථය මාර්ගයේ ලිස්සා ගොස් පාලමේ පැති වැටේ ගැටී පළමු අනතුර සිදුව ඇති අතර, එම අනතුරෙන් පුද්ගලයින් 10 දෙනෙක් තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

 

 සිද්ධිය සිදු වී පැයකට පමණ පසුව සිමෙන්ති මිශ්‍රණ ප්‍රවාහන රථයක් ද එම ස්ථානයේ දීම ලිස්සා ගොස් අනතුරට ලක්ව තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් යළිත් අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි. වෙන්නප්පුව පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
 

views

304 Views

Comments

arrow-up