තුන්වන ආනයනික බිත්තර තොගය වෙළඳපොලට එන්න සූදානමින්

මෙරටට ආනයනය කළ තුන්වන බිත්තර තොගය සෞඛ්‍ය ආරක්ෂිත බවට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය කියා සිටියේ ඒ අනුව එහි වාර්තාව අද (13) නිකුත් කිරීමට නියමිත බවයි.
මෙරට බිත්තර ගැටළුවට පිළියම් ලෙස ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තීරණය කෙරුණු අතර, ඒ අනුව තුන්වන වරටත් බිත්තර මිලියනයක් ආනයනය කර තිබේ.
එහි සාම්පල් ලබා ගැනීම පසුගිය සෙනසුරාදා සිට සිදු කෙරුණි.
204 Views
Comments