පැරණි කාසි සමග සැකකරුවන් හතරක් කන්තලෙන් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

පැරණි කාසි සමග සැකකරුවන් හතරක් කන්තලෙන් අල්ලයි

පැරණි කාසි සමග සැකකරුවන් හතරක් කන්තලෙන් අල්ලයි

කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත විවිධ සළකුණු සහිත කාසි තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

 

හබරණ සිට කන්තලේ දෙසට ධාවනය වූ මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේදී එම රථය තුළ තිබී හමු වූ මෙම කාසි තොගය ගණනින් 389 ක් වන අතර ඒවා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්ත ඒවා වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර සිටී.

 

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 සහ 49 අතර වයස්වල පසුවන්නන් බව සඳහන් වේ.

 

අත්අඩංගුවට ගත් පිරිස කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 

views

284 Views

Comments

arrow-up