ඛනිජතෙල් සේවකයින් අද මානව හිමිකම් කොමිසමට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

ඛනිජතෙල් සේවකයින් අද මානව හිමිකම් කොමිසමට

ඛනිජතෙල් සේවකයින් අද මානව හිමිකම් කොමිසමට

වර්ජනයක නිරත වූ ඛනිජ තෙල් වෘත්තිය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව අද (30) පස්වරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසා සිටී.

 

ඉන්ධන බෙදාහැරීමට බාධා කළ බවට චෝදනා කරමින් වෘත්තීය සමිති නායකයින් 20 කට වැඩි පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව බවත්, ඔවුන්ට එරෙහිව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදුකෙරෙන බවත්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඊයේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේය.

 

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ගෙන ඇති එම තීරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත්, මෙම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.

views

236 Views

Comments

arrow-up