මීළඟ පොලිස්පති කවුද? තීරණය අද හෝ හෙට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

මීළඟ පොලිස්පති කවුද? තීරණය අද හෝ හෙට

මීළඟ පොලිස්පති කවුද? තීරණය අද හෝ හෙට

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න අනිද්දා (25) විශ්‍රාම යාමට නියමිතය.

 

පොලිස්පති පුටුවට මේ වන විට තියුණු තරඟයක් ඇති වී ඇත. කෙසේ නමුත් පොලිස් මූලස්ථානය තුළ මේ වන විට කසුකුසුවක් නිර්මාණය වී ඇත්තේ වත්මන් පොලිස්පති හට සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කොට ඇති බවයි.

 

ඔහුගේ 60 වැනි උපන් දිනය මාර්තු 25 වැනිදාට යෙදී ඇති අතර ඒ අනුව ඔහු හෙට දින සිය රාජකාරි කටයුතු අවසන් කළ යුතුව ඇත.

 

කෙසේ නමුත් පොලිස්පති තනතුර දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබා දීමට සැලසුමක් ඇති බවද ආරංචි මාර්ගයන් කියා සිටින අතර ඔහුට පොලිස්පතිකම ලබා දීමට බොහෝ පාර්ශව සිය විරෝධතාද පළ කොට තිබේ.

 

තෙන්නකෝන් මහතා සිටින්නේ තුන්වන ස්ථානයේ වන අතර ඊට ඉහලින්  නිලන්ත ජයවර්ධන හා ලලිත් පතිනායක සිටී.

 

කෙසේ නමුත් ඊළඟ පොලිස්පති කවුරුදැයි තීරණය ජනාධිපති සහ ව්‍යවස්ථාදායක සභාව ගත යුතුව ඇත.

views

258 Views

Comments

arrow-up