සුභසාධක ප්‍රතිලාභ අයදුම්පත් ගැන සිහිකැඳවීමක්

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334 කින් ලද සුභසාධක ප්‍රතිලාභ අයදුම්පත් මිලියන 3.7 කින් තොරතුරු සමීක්ෂණ හා සත්‍යාපන ක්‍රියාවලිය මගින් තෝරාගන්නා ලද අයදුම්පත්වල තොරතුරු සත්‍යාපන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි.
මෙම තොරතුරු සමීක්ෂණය සඳහා මෙම මස 31 වැනි දිනට පෙර නිවැරදි තොරතුරු ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියි.
අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, එසේ නොවුණහොත් සුභසාධක ප්‍රතිලාභ අහිමි වන බවයි.
211 Views
Comments