ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය ගැන පෙත්සම විභාගයට දින නියම වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය ගැන පෙත්සම විභාගයට දින නියම වේ

ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය ගැන පෙත්සම විභාගයට දින නියම වේ

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ලබන මස 3 සහ 4 යන දිනවල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (09) නියෝග කළේය.

 

සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අභියාචනාධිකරණයට කැඳ වූ අවස්ථාවේදී නියෝග කළේය.

 

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් ගොනුකර ඇති මෙම පෙත්සම පවත්වාගෙන යා නොහැකි බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු පසුගිය නඩු දිනයේ දී විරෝධතා මතු කළේය.

 

අභියාචනාධිකරණය පාර්ශවකරුවන්ට අද (09) නියෝග කළේ, මීට අදාළ ලිඛිත ලිපි ලේඛන මේ මස 27 වැනිදාට පෙර ගොනු කරන ලෙසයි.

views

228 Views

Comments

arrow-up