හරක් කටා බේරාගන්න පියාගෙන් වෑයමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

හරක් කටා බේරාගන්න පියාගෙන් වෑයමක්

හරක් කටා බේරාගන්න පියාගෙන් වෑයමක්

නීතියට අනුකූලව රැඳවියාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලමින් නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා" ගේ පියා අද අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබේ. නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර ඇති බව වාර්තා වේ.

 

 

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ ඔහුගේ සගයෙකු වන සලිඳු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සලිඳු ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු මැඩගස්කරයේදී පසුගිය දිනෙක අත්අඩංගුවට ගනු ලැබූ අතර වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ඔවුන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ඇත.

 

 

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නියුතු විශ්‍රාමික සහකාර දුම්රිය ඉංජිනේරුවරයෙකු වන නෙල්සන් මර්වින් වික්‍රමරත්න මහතා මෙම පෙත්සම ගොනු කළේ අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට නොදන්වා රැඳවියන් කිසිදු රැඳවුම් ස්ථානයක සිට පිටතට රැගෙන යාම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. තවද පෙත්සම්කරු කියා සිටියේ තම පුත්‍රයා අධිකරණ කිහිපයක අපරාධ නඩු අටකට අදාලව සැකකරුවෙකු ලෙස අධිචෝදනා ලබා ඇති බවයි. 

 

 

මෙම පෙත්සමට කරුණු ලෙස ඔහු ඉදිරිපත් කර ඇත්තේ පසුගිය දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ මාකඳුරේ මධුෂ් පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක් වූ බවත් ඔහුට කිසිදු අධිකරණයක් ඉදිරියේ තම නිර්දෝෂීභාවය තහවුරු කිරීමට අවස්ථාවක් නොලැබුණු බවත්ය. තවද එම ඝාතනය සඳහා පැමිණි බව කියන ඝාතන කල්ලියේ සාමාජිකයන් අද වනතුරුත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් එම ඝාතනයට අදාළ පරීක්ෂණ වල කිසිදු ප්‍රගතියක් තවමත් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

views

249 Views

Comments

arrow-up