MAR
09
සමාගමකින් කෝටි හතරක් වංචා කළ මෝල්පෙ ප්‍රදේශයේ අයෙක් පොලිස් දැලේ

මොරටුව මෝල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සමාගමකින් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, කොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අදාල සමාගමේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් එහි බිල්පත් වෙනස් කර එම වංචාව සිදුකර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
207 Views
Comments