උදරයේ සැත්කමකින් වෘෂණ කෝෂයක් අහිමි වූ රෝගියා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

උදරයේ සැත්කමකින් වෘෂණ කෝෂයක් අහිමි වූ රෝගියා

උදරයේ සැත්කමකින් වෘෂණ කෝෂයක් අහිමි වූ රෝගියා

නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියාවේ පදිංචි පුද්ගලයෙක්, කොම්පඤ්ඤවීදියේ පුද්ගලික රෝහලකින් උදරය ආශ්‍රිතව සිදුකරන ලද සැත්කමක් හේතුවෙන් තමාට වෘෂණ කෝෂයක් අහිමි වූ බවට චෝදනා කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කර තිබේ.

 

සැත්කම අවසන් වී නිවසට යාමෙන් පසුව මෙම පුද්ගලයාට විවිධ සංකූලතා ඇති වී තිබෙන අතර, ඒ පිළිබඳ සැත්කම සිදු කළ වෛද්‍යවරයා වෙත දැනුම් දීමේ දී වෛද්‍යවරයා එය නොසලකා හරිමින් මෙම සංකූලතා සාමාන්‍ය තත්ත්වයක් බව ප්‍රකාශ කර ඇති අතර, සංකූලතා උත්සන්න වීම හේතුවෙන් අගතියට පත් පුද්ගලයා වෙනත් පුද්ගලික රෝහල ස්කෑන් පරීක්ෂණයක් සිදු කොට ගෙන තිබේ.

 

සැත්කමින් පසුව ඔහුට වෘෂණ කෝෂයක් අහිමි වී ඇති බව පැමිණිලිකරු අනාවරණය කොට ගෙන තිබෙන්නේ පරීක්ෂණයෙන් පසුව බව වාර්තා වේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

views

244 Views

Comments

arrow-up