2023 මාර්තු 10 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, අද දවසේ දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතී.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.
කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35 පමණ වේ. ගාල්ල සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-45 දක්වා වැඩි විය හැක.
ගාල්ල සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | |||||
නගරය | උෂ්ණත්වය (සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 32 | 23 | 95 | 60 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව | 30 | 26 | 90 | 75 | වැසි ස්වල්පයක් |
කොළඹ | 33 | 24 | 90 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ගාල්ල | 32 | 24 | 90 | 75 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
යාපනය | 31 | 24 | 90 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර | 31 | 21 | 90 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
නුවරඑළිය | 20 | 11 | 95 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
රත්නපුරය | 34 | 22 | 95 | 70 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
ත්‍රිකුණාමලය | 31 | 26 | 90 | 70 | වැසි ස්වල්පයක් |
මන්නාරම | 31 | 26 | 85 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
271 Views
Comments