එළඹෙන සති අන්තයේ කොළඹ ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

එළඹෙන සති අන්තයේ කොළඹ ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්

එළඹෙන සති අන්තයේ කොළඹ ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්

එළඹෙන සති අන්තයේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට පැය 24 ක දීර්ඝ ජල කප්පාදුවක් සිදු වීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කොට සිටී.

 

කොළඹ 1, 2, 3, 4 සහ 7, 8, 9, 10, 11 යන ප්‍රදේශවලට බලාත්මක වන මෙම ජල කප්පාදුව 04 වන සෙනසුරාදා පස්වරු 2.00 සිට 05 වන ඉරිදා පස්වරු 2.00 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර, කඩුවෙල නගරය සහ ඒ අවට ප්‍රදේශ, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය සහ වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට ද මෙම කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

views

212 Views

Comments

arrow-up