MAR
03
හරිත බලශක්ති ආර්ථිකයක් ගැන ජනපතිගෙන් පෙරදැක්මක්

රටෙහි පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් සපයමින් විද්‍යුත් යතුරු පැදි, ත්‍රිරෝද රථ සහ ට්‍රැක්ටර් නිෂ්පාදනය කොට අලෙවි කරනු ලබන මින්නේරිය Volta Auto Tech Engineering ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ එක්විය.
ආයතනය විවෘත කිරීමේ උත්සවයෙන් පසුව අදහස් දැක්වීමක් කළ ජනාධිපතිවරයා කියා සිටියේ හරිත බලශක්ති ආර්ථිකයක් හරහා අනාගත වසර පහක කාලය තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනමක් බිහි කිරීමට තමන් උත්සුක වන බවයි.
262 Views
Comments