කොග්ගලදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

කොග්ගලදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙක් මරුට

කොග්ගලදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙක් මරුට

මහනුවර සිට මාතර බලා ධාවනය වූ සියනෑ කුමාරි දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

පොලිසිය සඳහන් කළේ, අද (16) දහවල් කොග්ගල පොහොර ගබඩාව ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

views

271 Views

Comments

arrow-up