ශ්‍රී ලංකා ගුවන් සීමාවේ සිදු වූ ගුවන් අනතුරු ගැන සොයන්න විශේෂ කණ්ඩායමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

ශ්‍රී ලංකා ගුවන් සීමාවේ සිදු වූ ගුවන් අනතුරු ගැන සොයන්න විශේෂ කණ්ඩායමක්

ශ්‍රී ලංකා ගුවන් සීමාවේ සිදු වූ ගුවන් අනතුරු ගැන සොයන්න විශේෂ කණ්ඩායමක්

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් සීමාවේ සිදු වූ ගුවන් අනතුරු පිළිබඳව සොයා බැලීම සඳහා ප්‍රථම වරට කණ්ඩායමක් පත් කර තිබේ. ඒ අනුව ගුවන් අනතුරු විමර්ශන නිලධාරීන්ගේ පළමු කණ්ඩායමට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද සිදු කෙරුණු අතර එහිදී ගුවන් අනතුරු විමර්ශන නිලධාරීන් හත් දෙනෙකු අමාත්‍යවරයා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ. 

 

 

ශ්‍රී ලංකා ගුවන් සේවා අංශයේ ගුවන් අනතුරු විමර්ශකයින් විසින් නිවැරදි තොරතුරු හඳුනාගෙන අනතුරට සැබෑ හේතුව සොයා බලා ශ්‍රී ලංකා ගුවන් සීමාවේ අනාගතයේදී ඇති විය හැකි විපත් වැළැක්වීමට ක්‍රියාමාර්ග ගනු ලැබූ ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය වීම විශේෂත්වයකි. ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ නියාමන කාර්යභාරය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් ඉටු කරන බවත් ශ්‍රී ලංකා ගුවන් සේවා ක්ෂේත්‍රයේ නියාමන කටයුතු ICAO ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

 

 

තවද මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ස්වාධීන ගුවන් අනතුරු විමර්ශක සංචිතයක් පිහිටුවීමට පියවර ගෙන තිබීම ශ්‍රී ලංකා ගුවන් සේවා ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා තැබූ යෝධ ඉදිරි පිම්මක් බව ඔහු සඳහන් කර තිබේ. මෙහිදී ගුවන් අනතුරු විමර්ශකයින් සඳහා වන පුහුණුව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් නියම කර ඇති ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පවත්වනු ඇති අතර මෙම කණ්ඩායම වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරනු ඇත. එමෙන්ම දැනට අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කණ්ඩායම ඉදිරියේදී හදිසි අනතුරු විමර්ශන කාර්යාංශයක් ලෙස හඳුන්වනු ඇති බවද වාර්තා වේ.

views

263 Views

Comments

arrow-up