ලංකාව දැන් ජාත්‍යන්තර විශ්වාසය දිනාගෙන ඇතැයි අමාත්‍ය සියඹලාපිටිය කියයි

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහය ලබා දීමට ගත් තීරණයත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය විශ්වාසය තහවුරු කරගත් රටක් බවට පත්වන බවයි. සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ, මෙම විශ්වාසය දිනාගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ යුතු බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් එකඟත්වයත් සමග ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් තවත් ඩොලර් බිලියන 7 ක පමණ මුදලක් ලබා දීමට සූදානමින් සිටින බවද අමාත්‍යවරයා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් මෙම ණය පහසුකම, ඔවුන් සමග ඇති කරගත් එකඟතා රැක ගැනීම රජයේ වගකීමක් බව ඔහු පෙන්වා දෙන අතර දිළිඳු ජනතාව ආරක්ෂා කර ගැනීම, බැංකු පද්ධති ස්ථාවරව පවත්වාගෙන යාම, විනය සහ බදු ප්‍රතිපත්තීන් ආරක්ෂා කිරීම එම එකඟතා අතර වේ. අමාත්‍යවරයා සඳහන් කළේ, ඒවා රටක් ලෙස ඉටු කළ යුතු වගකීම් බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය කොටසේ පළමු වාරිකය ඩොලර් මිලියන 300 කට අධික මුදල මහ බැංකුවේ ඩොලර් ගිණුම වෙත ලැබීමෙන් අනතුරුව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වරයාගේ ගිණුමට බැර වන බව වාර්තා වේ. එම මුදල් මගින් අය වැය හිඟය පියවා ගැනීමට හැකිවීම විශේෂත්වයක් බව රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
245 Views
Comments