ඉන්දියාවේ සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක මෙරට නියෝජිතයෙකු මාලඹේ ප්‍රදේශයෙන් අල්ලයි

ඉන්දියාවේ සිට තාක්ෂණය මගින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක මෙරට ප්‍රධාන නියෝජිතයෙකු මාලඹේ, මිහිඳු මාවත ප්‍රදේශයේ දී වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ, සැකකරු සමග රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 42 ක්, ජාවාරම සඳහා යොදාගත් නවීන පන්නයේ ජංගම දුරකථන 2 ක් බැංකු කාඩ්පත් තුනක් හා ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථය ද සිය භාරයට ගත් බවයි.
සැකකරු අත්අඩංගුවට ගෙන මද වේලාවක දී Whatsapp තාක්ෂණය ඔස්සේ සැකකරුගේ දුරකථනයට ඉන්දියාවේ සැඟව සිටින ප්‍රධාන සැකකරු සම්බන්ධ වී පොලිස් නිලධාරීන් අමතා මත්කුඩු සම්බන්ධයෙන් පහළ උසාවියේ නඩුවක් දමන ලෙසත්, ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා දෙන බවත්, පැවසූ බව පොලිසිය වාර්තා කර තිබේ.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මීට වසර කිහිපයකට ඉහතදී වෙනත් වරදක් සඳහා සිරගතව සිටියදී ඉන්දියාවේ සිටින ජාවාරම්කරු හඳුනාගත් බව ප්‍රකාශ කර ඇත.
254 Views
Comments