ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් අල්ලයි

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අද පෙරවරුවේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
එහිදී යාපනයේ අනලතිව් සහ කෝවිලන් මුහුදු තීරයන්ට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ජාතිකයින් 12 දෙනෙකු සමග ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රා සහ ඉන්දීය ධීවරයින් 12 දෙනා කන්කසන්තුරේ වරායට රැගෙන ගොස් ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂකවරයා වෙත භාරදී ඇති බව වාර්තා වේ.
විදේශ ධීවරයින් විසින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම නැවැත්වීම සහ සාගර පරිසරයට සිදුවන හානිය වළක්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බව නාවික හමුදාව ප්‍රකාශ කොට ඇත.
199 Views
Comments