ඉන්දියාවෙන් ගෙනා බිත්තර අද සිට බේකරි වලට

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ අටක් බේකරි හිමියන් වෙත ලබාදීම මුතුරාජවෙල පිහිටි කර්මාන්ත පුරයේදී අද සිදු කෙරුණු බව වාර්තා වේ.
එම අවස්ථාව සඳහා මහා පරිමාණ බේකරි හිමියන් දස දෙනකු පමණ එක්ව සිටි අතර, ඔවුන් එම බිත්තර තොග සඳහා කලින් මුදල් ගෙවා තිබූ බවද සඳහන් වේ.
මේ අතර, බිත්තර ආනයනයට උනන්දු වන බලධාරීන් දේශීය බිත්තර කර්මාන්තය ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණක් බව ජාතික සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා චෝදනා කර සිටී.
284 Views
Comments