හොර පාරෙන් රට ගියොත් ආරක්ෂාවක් නෑ - විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි

අප්‍රේල් මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි, විදෙස්ගත සේවා ස්ථානයන්හි ගැටළුවලට මුහුණ දී තානාපති කාර්යාල වෙත පැමිණෙන කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නොමැති නම් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමට තීරණය කොට තිබේ.
මෙම සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇත්තේ නීත්‍යානුකූලව රැකියා සඳහා විදේශගත වන කාන්තාවන් වෙනුවෙන් පමණක් වුවත්, කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදෙස්ගත වූ කාන්තාවන්ටද සුරක්ෂා නිවාස හරහා සියලු සුභසාධන පහසුකම් ලබාදීමට මෙතෙක් කල් ක්‍රියා කෙරුණු අතර, මෙම තීරණයත් සමග එම ක්‍රියා පටිපාටියේ වෙනසක් සිදු කෙරෙමින් විවිධ තැරැව්කරුවන් හා නීත්‍යානුකූල නොවන විදේශ රැකියා ආයතනවල මැදිහත්වීමෙන් විදේශ රැකියා සඳහා පැමිණි කාන්තාවන්ට විදෙස් රැකියා වලදී කිසිදු පිළිසරණක් නොලැබෙන තත්වයක් උද්ගතව තිබෙන බවට විවිධ පිරිස් මත පළ කර සිටී.
එහෙත් රජය පාර්ශ්වයෙන් කියා සිටින්නේ, නීත්‍යානුකූල මාර්ගයන්ගෙන් රැකියා සඳහා විදෙස්ගතවීමට කාන්තාවන් උනන්දු කිරීමේ අරමුණ ඇතිව ගන්නා ලද මෙම තීරණය, නිසි ක්‍රියා පටිපාටිය හරහා විදේශගත වන්නන්ගේ යහපත උදෙසා වැදගත් වන එකක් බවයි.
216 Views
Comments