කටානේ කර්මාන්තශාලා හිමිකරුට පහරදීමේ සිද්ධියේ විමර්ශන සීඅයිඩියට

කටාන, හල්පේ, කෝපියාවත්ත ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවේ ඕමාන ජාතික හිමිකරුට පහරදීමේ සිද්ධියේ විමර්ශන බඩල්ගම පොලිසියෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබෙන බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලිසියෙන් සාධාරණයක් ඉටු නොවන බවට සහ එම තත්ත්වය යටතේ කර්මාන්ත ශාලාව විදේශයකට ගෙන යාමට එහි පාලන අධිකාරිය තීරණය කොට ඇති බවට, ඕමාන තානාපතිවරයා විසින් රජයට දැනුම් දීමෙන් පසුව මෙම පැවරීම කර ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් දෙදෙනෙකු සොයා විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කර සිටී.
පසුගිය 30 වනදා කිසියම් පිරිසක් ඇඟලුම් කම්හලේ හිමිකරුට සහ ආරක්ෂක නිලධාරියාට පහර දී එහි දේපළවලට හානි කර තිබිණි.
මෙම සිද්ධියේ විමර්ශන නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවට එහි හිමිකරු විසින් ඕමාන තානාපතිවරයා මාර්ගයෙන් මෙරට විදේශ අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
එහි හිමිකරු කියා සිටින්නේ තමාට සාධාරණයක් ඉටු නොවන්නේ නම් මෙරට හැර යන බවයි.
244 Views
Comments