කකුල් කඩා ලොරියේ සිරකර කිරිඅම්මාවරු මසට ඇද්ද තිරිසන් පාපතරයාට නුවරඑළියේදී වැඩ වරදී

බලපත්‍ර නොමැතිව මස් පිණිස ගවයන් ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ එහි රියදුරු නුවරඑළිය පොලිසිය විසින් අද (06) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙම සැකකරු විසින් අඹේවෙල ප්‍රදේශයේ පිහිටි සත්ත්ව ගොවිපොලකින් ගවයන් තිදෙනෙකු මිලදී ගෙන, මෙම සතුන්ට පහර දී ඔවුන්ගේ පාද කඩා දමා ප්‍රමාණවත් ඉඩක් නොමැති ලොරියකින් නානුඔය ගව ඝාතකාගාරයක් වෙත ප්‍රවාහනය කරමින් සිටින අතරතුර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
236 Views
Comments