කළුතර පොලිසියේ පැමිණිල්ලක් විභාගයට ආ අයෙක් ඇද වැටී මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

කළුතර පොලිසියේ පැමිණිල්ලක් විභාගයට ආ අයෙක් ඇද වැටී මිය යයි

කළුතර පොලිසියේ පැමිණිල්ලක් විභාගයට ආ අයෙක් ඇද වැටී මිය යයි

කළුතර දකුණ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී පුද්ගලයෙකු හදිසියේ ඇද වැටී මියගොස් ඇති බව වාර්තා වේ.

 

මෙසේ මියගොස් ඇත්තේ කළුතර දකුණ, සෙනවිරත්න පෙදෙසේ පදිංචිව සිටි ගජනායක මුදලිගේ නාලක තුෂාර නමැති පුද්ගලයෙකි.

 

මියගොස් ඇති පුද්ගලයා ඉඩමක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසියේ පැමිණිල්ලක් දමා ඇති අතර, එය විභාග කරමින් සිටියදී හදිසි රෝගී තත්වයක් හේතුවෙන් සිහිසුන්ව ඇද වැටී ඇති බව පැවසේ.

 

මියගිය තැනැත්තා 1990 සුව සැරිය අමතා කළුතර ශික්ෂණ රෝහලට යොමුකිරීමට පොලිස් නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වුවත්, රෝහල් ගතකරන විටත් ඔහු මියගොස් සිටි බව ද සඳහන් වේ.

 

කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.
 

views

277 Views

Comments

arrow-up