මඩ පොහොර තාමත් ගත්තෙ නැත්නම් ඉක්මන් කරන්න - අදම කරන්න ඕනෙ දේ මෙන්න

යල කන්නය සඳහා මඩ පොහොර හෙවත් ටී.එස්.පී. පොහොර ගොවීන් වෙත නොමිලේ බෙදාහැරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බැවින්, මෙතෙක් පොහොර ලබා නොගත් සියලුම ගොවීන් අප්‍රේල් 10 වැනිදාට පෙර ඒවා ලබා ගන්නා ලෙසට කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටී.
ලබන 10 වනදායින් පසු ගොවිජන සේවා මධ්‍යස්ථාන වල ඇති මඩ පොහොර තොග ආපසු ප්‍රධාන ගබඩා වලට යොමු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටී.
කොමර්ෂල් පොහොර සමාගම ටී. එස්. පී. මෙට්‍රික්ටොන් 36,000 ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හැර ඇති අතර, ගොවිජන බලප්‍රදේශ 38 කට ඒවා බෙදා හැර අවසන් කර ඇති බව වාර්තා වේ.
257 Views
Comments