නිවාඩුවට නුවරඑළියේ යන්න විදුලි දුම්රියක්

නුවරඑළිය ඇතුළු මධ්‍යම පළාතේ සංචාරක ගමනාන්ත වෙත වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් නානුඔය සිට නුවරඑළිය හරහා උඩුපුස්සැල්ලාව දක්වා පැරණි දුම්රිය මාර්ගය නවීකරණය කොට විදුලි දුම්රිය සේවාවක් ඇරඹීමට සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.
කිලෝමීටර් 31 ක් දිගින් යුත් මෙම දුම්රිය මාර්ගය ක්‍රියාත්මක කිරීම සහ පැවරීම යන ක්‍රමවේදය (BOT) යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කොට සිටියේය.
ලොව හයවන උසම දුම්රිය ස්ථානය වන කඳපොල දුම්රිය ස්ථානය ඇතුළු දුම්රිය ස්ථාන ගණනාවක් මෙම විදුලි දුම් රිය සේවාව මගින් ආවරණය කෙරෙන අතර සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා මෙම පියවර මගින් විශාල සහයක් සැලසෙනු ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.
217 Views
Comments