අලුත් අවුරුදු සමයේ මුදල් නෝට්ටු භාවිතා කිරීම ගැන විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

අලුත් අවුරුදු සමයේ මුදල් නෝට්ටු භාවිතා කිරීම ගැන විශේෂ නිවේදනයක්

අලුත් අවුරුදු සමයේ මුදල් නෝට්ටු භාවිතා කිරීම ගැන විශේෂ නිවේදනයක්

අලුත් අවුරුදු උදාවට තව ඇත්තේ පැය කිහිපයක් පමණක් වුවත් අද දිනයේත් ජනතාව වැඩි වශයෙන් වෙළඳසැල් වෙත පැමිණෙන අයුරු දැකගත හැකි වේ.

 

 

බොහෝ නගරවල සති පොළ සහ අවුරුදු පොළ අද දිනයේදීද සංවිධානය කර තිබෙන බැවින් මේ වනවිටත් බොහෝ නගර ජනාකීර්ණ වී ඇත.

 

 

අවුරුද්දට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීම මෙන්ම ජනතාව අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා අදහස් දක්වා තිබේ.

 

 

අධික ජනකායක් ගැවසෙන නගර මධ්‍යයන්හි තම මුදල් පසුම්බි, කාඩ්පත් පිළිබඳව දැඩි අවධානයෙන් පසු වන ලෙසත් වෙළඳපොළට පැමිණෙන දරුවන් පිළිබඳව ඉතා විමසිල්ලෙන් සිටින ලෙසත් ඒ මහතා උපදෙස් දී ඇත.

 

 

තවද වෙළෙඳපොළට පැමිණෙන්නේ තම වාහන වලින් නම් එහිදීද ඉතා සැලකිලිමත් වන ලෙස ඔහු පවසා ඇත.

views

337 Views

Comments

arrow-up