සාක්ෂි පරස්පර වීම නිසා මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් පහක් නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

සාක්ෂි පරස්පර වීම නිසා මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් පහක් නිදහස්

සාක්ෂි පරස්පර වීම නිසා මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් පහක් නිදහස්

ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 196 කට අධික තොගයක් සමග අත්අඩංගුවට ගත් විත්තිකරුවන් පස්දෙනෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය අද (06) නියෝග කර ඇති බව වාර්තා වේ.

 

හෙරොයින් මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම, ජාවාරම් කිරීම, සන්තකයේ තබාගැනීම යන චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව පවරා තිබූ මෙම නඩුවේ තීන්දුව ආදිත්‍ය පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබා දී ඇත.

 

නාවික හමුදාව විසින් මෙම විත්තිකරුවන් 2019 වසරේ අප්‍රේල් 21 හෝ ඊට ආසන්න දිනයකදී අත්අඩංගුවට ගනු ලැබූ බව සඳහන් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ලබාදුන් සාක්ෂි වල පරස්පරතා පවතින බැවින් සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු නොවන නිසා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර ඇති බව සඳහන් වේ.
 

views

199 Views

Comments

arrow-up