යාපනේ වෙඩිඅරසන් බලකොටුවේ උරුමය බෙදාගන්න විරෝධතාවක්

යාපනය වෙඩිඅරසන් බලකොටුව ප්‍රදේශයේ බෞද්ධ නටබුන් පවතින ස්ථාන, බෞද්ධ සිද්ධස්ථාන කිරීමට සැලසුමක් ඇති බවට පවසමින් ඊට විරුද්ධව ඊයේ (29 දා) එම බලකොටුව ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ. මෙම ස්ථානයේ ඉපැරණි දාගැබක නටබුන් පවතින අතර එය පුරාවිද්‍යා භූමියක් බවට නම් කොට තිබේ.
මෙහිදී අදාල විරෝධතාකරුවන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු එම ප්‍රදේශ ආරක්ෂා කරනු ලබන ආරක්ෂක අංශවලට එරෙහිව විරෝධතා දැක්වූ අතර විරෝධතාකරුවන් පවසා සිටින්නේ එය දෙමළ ජනතාවගේ දේපලක් බවයි.
මෙම විරෝධය පැවති අවස්ථාවේ පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබූ අතර අදාල පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයේ ඉපැරණි දාගැබක් බව සැලකෙන සුපැහැදිලි පාදමක් හා ආරාම නටබුන් දක්නට ඇති බව වාර්තා වේ.
292 Views
Comments