රෝහල් රැසක ඉන්සියුලින් නොමැති වීමෙන් දියවැඩියා රෝගී ජීවිත රැසක් අවදානමේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

රෝහල් රැසක ඉන්සියුලින් නොමැති වීමෙන් දියවැඩියා රෝගී ජීවිත රැසක් අවදානමේ

රෝහල් රැසක ඉන්සියුලින් නොමැති වීමෙන් දියවැඩියා රෝගී ජීවිත රැසක් අවදානමේ

දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලින් ඇතුළු ඖෂධ කිහිපයක් මාස 2 කට අධික කාලයක් පුරා බොහෝ රෝහල්වල නොමැතිකමින් සායන රෝගීන් විශාල අපහසුතාවකට පත්ව ඇති බව වාර්තා වේ.

 

මධ්‍යම පළාතේ පමණක් පේරාදෙණිය, මහනුවර, ගම්පොල සහ නාවලපිටිය ඇතුළු ප්‍රධාන රෝහල් ගණනාවකම සායන රෝගීන් සඳහා මාස දෙකක් පුරා ඉන්සියුලින් ලබා නොදුන් බව සායන රෝගීන් පවසයි.

 

පෞද්ගලික ෆාමසි වලින් ඒවා මිලදී ගැනීමේදී මිලි ලීටර් සියයට වඩා අඩු කුඩා කුප්පි සඳහා රුපියල් 2600.00 කට වඩා අධික මුදලක් වැය වන බවත් මෙය රෝගීන්ට දරා ගැනීමට නොහැකි බැවින් බොහෝ රෝගීන් ඉන්සියුලින් ලබා නොගැනීම නිසා ඔවුන්ගේ රෝගී තත්ත්වයන් උත්සන්න වී ඇති බවත් සායන රෝගීන් සඳහන් කරයි.

views

263 Views

Comments

arrow-up