යාපනේ ධීවරයින් මහ මුහුද මැද විරෝධතාවක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

යාපනේ ධීවරයින් මහ මුහුද මැද විරෝධතාවක

යාපනේ ධීවරයින් මහ මුහුද මැද විරෝධතාවක

ඉන්දීය හා චීන ධීවර සමාගම් වලට විරෝධය පාමින් යාපනයේ පාසිඌර් ප්‍රදේශයේ ධීවර සංගමය මුහුද මැද විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ. පාසිඌර් ධීවර සංගමයේ නියෝජිතයින් කියා සිටියේ, දැන් පෙරටත් වඩා ඉන්දීය ධීවරයින් හා ඔවුන්ගේ ට්‍රෝලර් යාත්‍රා උතුරු මුහුදු සීමාවට පැමිණෙන බවයි.

 

ඊට අමතරව චීන සමාගම් කිහිපයක් උතුරේ ස්ථාන කිහිපයක මුහුදු ආහාර නිෂ්පාදනය කිරීමේ ගොවිපළවල් ආරම්භ කොට ඇති බවත්, එම ගොවිපළවල් වටා මසුන් මැරීමේ කටයුතු උතුරේ ධීවරයින්ට තහනම් කොට ඇති බවත් ඔවුන් පවසයි.

 

ඉන්දීය හා චීන ජාතිකයින් නිසා උතුරේ ධීවර කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර උතුරේ ධීවරයින්ගේ ආදායම බෙහෙවින් අඩුවීගෙන යන තත්ත්වයකට මුහුණ පා සිටින බවත් පාසිඌර් ධීවර සංගමයේ නියෝජිතයන් සඳහන් කරයි.

 

මේ සම්බන්ධයෙන් අදාල බලධාරීන්ට ලිපි කිහිපයක් මගින් තොරතුරු දන්වා සිටි නමුත් ඊට මේ දක්වා ප්‍රතිචාරයක් නොමැති නිසා මහ මුහුද මැදට ගිය ධීවරයින් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණ ධීවර කටයුතුවල නිරත ඉන්දියාවේ හා චීනයේ පිරිසට විරෝධය පළ කරන බව වාර්තා වේ.

 

තවදුරටත් මෙම අක්‍රමිකතා පැවතියහොත් සමස්ත උතුරේම ධීවරයින් සහභාගි කරවා ගෙන විශාල විරෝධතාවක් මහා සාගරය මැද ආරම්භ කරන බවද එම ධීවර නියෝජිතයන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

views

242 Views

Comments

arrow-up