බීජ සහ පොහොර බෙදන්න ඉදිරියේදී ගොවි ජනතාවටත් කේතයක්

ඉදිරියේ දී ගොවි ජනතාව වෙනුවෙන් ද QR කේතයක් හඳුන්වා දෙන බවත්, QR ක්‍රමවේදය භාවිත කරමින් එවිට ගොවීන්ට පොහොර, බීජ වැනි දෑ ලබාගැනීමට ඉඩප්‍රස්ථාව හිමිවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැති කෘෂි ව්‍යවසායකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද පුද්ගලික ව්‍යවසායකත්ව වැඩමුළුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ගොවි ජනතාව පොහොර ගැටලුවෙන් බොහෝ සේ පීඩාවට පත් වූ බවත් ඔවුන් වෙනුවෙන් මේ වසර තුළ ද පොහොරවලට අමතරව සහන ලබාදීමට කටයුතු කරන බවත්, ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අප්‍රේල් අවසන් සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටී.
මේ වනවිට කෙටුම්පත් කර අවසන් කර ඇති ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත්, රජයන් හෝ අමාත්‍යවරුන් වෙනස් වන විට වෙනස් නොවන, කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම තම අරමුණ බවත් මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කර සිටී.
213 Views
Comments