ඩයනා ගමගේ අත්අඩංගුවට??
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

ඩයනා ගමගේ අත්අඩංගුවට??

ඩයනා ගමගේ අත්අඩංගුවට??

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාල කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගේ සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (23) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම නියෝගය සිදු කර තිබේ.

 

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, එම ප්‍රකාශ ලැබීමෙන් පසු ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම සලකා බැලිය හැකිද නැද්ද යන්න ප්‍රකාශ කරන බවයි.

views

214 Views

Comments

arrow-up