ලිස්ටීරියා රෝගය ගැන අනාවරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

ලිස්ටීරියා රෝගය ගැන අනාවරණයක්

ලිස්ටීරියා රෝගය ගැන අනාවරණයක්

ප්‍රජා විශේෂඥවරුන්ගේ සංගමයේ මාධ්‍ය කැඳවුම්කරු වෛද්‍ය නවීන්ද සොයිසා මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ මෙරට ලිස්ටීරියා රෝගය වැළඳුණු එක් රෝගියෙකු පමණක් හඳුනා ගෙන ඇති බවත්, මෙම රෝගීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ යවල පළවන ඇතැම් කරුණු නිවැරදි නොවන බවත් ය.

 

ලිස්ටීරියා වැළඳී රෝගීන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා පළ කර තිබුණද එම රෝගීන් ලිස්ටීරියා රෝගයට ගොදුරු වී ඇති බවට අනාවරණය වී නොමැති බවද, ආහාර හරහා මෙම රෝගය වැළඳිය හැකි බැවින් රෝග ලක්ෂණ ලෙස පාචන තත්ත්වය, බඩේ අමාරුව, උණ ගතිය ඇතිවිය හැකි බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

 

මේ අතර අදාල සිදුවීම පිළිබද වාර්තා වන ශ්‍රීපාදස්ථානය ආශ්‍රිතව ද මේ පිළිබඳව විශේෂ සොයාබැලීමක් ක්‍රියාත්මක වන බවද වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසා සිටී.

views

249 Views

Comments

arrow-up