අධික ලෙස දුම් පිටවන රථවාහන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

අධික ලෙස දුම් පිටවන රථවාහන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අධික ලෙස දුම් පිටවන රථවාහන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අධික ලෙස දුම් පිට කිරිම සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ මෙන්ම ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ද. රජයේ වාහන සහ පොලිසියේ වාහන සම්බන්ධයෙන් ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණිලි රැසක් ලැබී ඇති බව සඳහන් වේ.

 

අධික ලෙස දුම් පිටකරන වාහන සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අංශයට දැනුම් දෙන ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

ඒ පිළිබඳ 0773500525 වට්ස්ඇප් අංකයට දැනුම් දෙන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. සෑම මසකම අවසාන සතියේ කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථ වල දුම් පරීක්ෂාව සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය. පසුගිය මාසයේ සිදු කරන ලද දුම් පරීක්ෂාවන් වලදී බස්රථ 40% කට වැඩි ප්‍රමාණයක් දුම් පරීක්ෂාව අසමත්ව ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

views

240 Views

Comments

arrow-up