ඖෂධ අධිමාත්‍රාවෙන් මියගිය පේරාදෙණිය සිසුවිය කලින් වතාවකත් දිවි නසාගන්න හදලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

ඖෂධ අධිමාත්‍රාවෙන් මියගිය පේරාදෙණිය සිසුවිය කලින් වතාවකත් දිවි නසාගන්න හදලා

ඖෂධ අධිමාත්‍රාවෙන් මියගිය පේරාදෙණිය සිසුවිය කලින් වතාවකත් දිවි නසාගන්න හදලා

කුරුණෑගල පදිංචි විනෝදි වින්ද්‍යානි  ද සිල්වා නැමැති සිසුවිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියදී මානසික ආතතිය  වෙනුවෙන් ගන්නා ඖෂධ අධි මාත්‍රාවක් ලබා ගැනීම හේතුවෙන් මියගොස් ඇති බවට කරුණු වාර්තා වී ඇත.

 

මෙම මරණය පිළිබඳව තවමත් සත්‍ය කරුණු ගම්‍යමාන නොවී ඇති අතර එය සියදිවි නසා ගැනීමක් ද, එසේත් නොමැති නම් අත්වැරදීමකින් ඖෂධ වැඩියෙන් ලබාගෙන සිදු වූ මරණයක්ද යන කරුණු ඔස්සේ පරීක්ෂණ පවත්වන බව ආරංචි මාර්ග වාර්තා කරයි.

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගුණපාල මළලසේකර නේවාසිකාගාරයේ කාමරයක තවත් සිසුවියන් දෙදෙනකු සමග සිටි අවස්ථාවේ මෙම සිසුවිය සිහිසුන්ව ඇද වැටී සිටින බව දුටු අනිකුත් සිසුවියන් දෙදෙනා විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය වෙත මීට පෙර දිනක දැනුවත් කර ඇති අතර ඇයත් සමග කාමරයේ සිටි සිසුවියන් ඇයගේ අසනීප තත්ත්වය පිළිබඳ ඇයගෙන් ප්‍රශ්න විමසූ අවස්ථාවේ ඇගේ පිළිතුර වී ඇත්තේ ඇය වැඩියෙන් ඖෂධ ලබාගත් බවයි.

 

ගිලන් රථයකින් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ප්‍රතිකාර ගැනීම සඳහා ඇතුළත් කළ ද අසාධ්‍ය තත්ත්වයේ පසු වූ මෙම සිසුවිය මියගොස් ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

 

ඉංජිනේරු පීඨයේ  2017 කණ්ඩායමට අයත් මෙම සිසුවිය  මානසික ආතතිය සඳහා ප්‍රතිකාර ලබා තිබෙන බවත්, මීට පෙර අවස්ථාවක ද විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර වහලය මතින් පහළට පැනීමට උත්සාහ කර ඇති බවත් පරීක්ෂණ ඔස්සේ අනාවරණය වී ඇති බවට ද කරුණු වාර්තා වේ.

views

256 Views

Comments

arrow-up