විදුලි බිලට එරෙහිව දිවුලපිටියේදී පන්දම් දල්වාගෙන විරෝධතාවයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

විදුලි බිලට එරෙහිව දිවුලපිටියේදී පන්දම් දල්වාගෙන විරෝධතාවයක්

විදුලි බිලට එරෙහිව දිවුලපිටියේදී පන්දම් දල්වාගෙන විරෝධතාවයක්

විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් දිවුලපිටිය නගරයේ දී පන්දම් දල්වාගෙන විරෝධතා දෙකක් පැවැත් වූ බව වාර්තා වේ.

 

ජාතික ජනබලවේගයේ සාමාජිකයන් පිරිසක් දිවුලපිටිය නගරයේ විරෝධතාවේ යෙදී සිටියදී විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ ජනතා නාදය සංවිධානයේ පිරිසක් ද එම ස්ථානයට පා ගමනින් පැමිණ එම විරෝධතාවට එක් ව තිබුණි.

 

මේ අවස්ථාවට දිවුලපිටිය ප්‍රාදේශිය සභාව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයෝ පිරිසක්ද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් ධම්මික සංජීව මහතා ඇතුළු පිරිසක්ද  එක්ව සිටි අතර ඔවුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැය දෙකක පමණ වේලාවක් මෙම උද්ඝෝෂණයේ ‍යෙදී තිබේ.

views

206 Views

Comments

arrow-up