ලංකා ගුරු සේවා සංගමයෙන් පොලිසියට චෝදනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

ලංකා ගුරු සේවා සංගමයෙන් පොලිසියට චෝදනාවක්

ලංකා ගුරු සේවා සංගමයෙන් පොලිසියට  චෝදනාවක්

ලංකා ගුරු සංගමය පවසන්නේ, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවය අතරතුර ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 

අද (23) පස්වරුවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළට බලහත්කාරයෙන් ඇතුළුවීමත් සමග එහි උණුසුම්කාරී තත්ත්වයත් ඇතිවිය.

 

විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ විරෝධය පළ කරමින් සිටින අතරතුර පොලිසිය එහි පැමිණ විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි. අත්අඩංගුවට පත් ගුරුවරුන් දෙදෙනා ඇතුළු සෙසු පිරිස මේ වනවිට තලංගම පොලිසිය භාරයේ පසුවෙයි.

views

234 Views

Comments

arrow-up