විදුලි බිලෙන් ලිපට වැටුණු ජනතාවට වතුර බිලෙන් මරු පහරක්

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තය ඉලංගසිංහ මහත්මිය පවසා සිටින්නේ විදුලිබිල දෙවතාවක් වැඩිවීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයේ ජල සම්පාදන වියදම ද වැඩිවී ඇති බවයි.
මේ හේතුවෙන් ඉදිරියේ දී ජල බිල්පතෙහි වැඩි වීමක් සිදුවන බවත් එසේ කිරීමෙන් බාධාවකින් තොරව ජලය සපයා දිය හැකි බවත් ඇය තවදුරටත් සඳහන් කර සිටියාය.
විදුලි බිල දෙවතාවක් වැඩි වීම සම්බන්ධ කරුණ මත ජල සම්පාදන වියදම් පියවා ගැනීම සඳහා ඔවුන් විසින් ජල බිල්පත වැඩිකරන ලෙසට අවසර ඉල්ලුවද අවසර ලැබුනේ 70% ක මුදලකින් වැඩි කරන ලෙසට බව ඇය ප්‍රකාශ කර සිටී.
එමෙන්ම ඇය තවදුරටත් පවසා සිටියේ 2023 සැප්තැම්බර් මස නැවත ජල බිල වැඩි කිරීමට අවසර ලබා දෙන එකගතාව මත ඔවුන් වියදම් කළමනාකරණය කර ගනිමින් සහ ණය ගෙවමින් මණ්ඩලයේ කටයුතු පවත්වාගෙන ආ බවයි. නමුත් අද වන විට කළමනාකරණය කරගත නොහැකි අන්දමින් නිෂ්පාදන ගාස්තු වැඩි වී ඇත්තේ නැවතත් විදුලි බිල්පත වැඩිවීම යන හේතුව මත බව ඇය වැඩිදුරටත් සදහන් කර සිටී. එසේ හෙයින් අකමැත්තෙන් වුවද ජල බිල්පත වැඩි කිරීම තුළින් ජල සැපයුම අකණ්ඩව ලබා දීමට හැකියාව ලැබෙන බවද ය තවදුරටත් සඳහන් කර සිටියි.
243 Views
Comments