වසන්තගේ නිදහසට තවත් බාධක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

වසන්තගේ නිදහසට තවත් බාධක

වසන්තගේ නිදහසට තවත් බාධක

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවේ ඔහුට එරෙහි චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමිනි.

 

එම නියෝගය නීතියට පටහැනි බවට තීන්දු කරමින් එය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කොට ඇති අතර, එම අභියාචනය එළඹෙන 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කොට තිබෙන බව සඳහන් වේ.

 

එදින අධිකරණයේ පෙනී සිටින ලෙස වසන්ත මුදලිගේ හට සිතාසි නිකුත් කරන ලෙසට නියෝග ලැබී ඇති බවට අධිකරණ ආරංචි මාර්ග වාර්තා කරයි.

views

203 Views

Comments

arrow-up